තෙල් රැස්කරන්නන් 1200ක් හඳුනාගනී


(සුජිත් හේවාජුලිගේ )

ඉන්ධන රැස්කිරීමේ අරමුණෙන් ඊයේ දිනයේදී   පිරවුම්හල් වෙත කිහිප වතාවක්  පැමිණි 1200 කට වැඩි පිරිසක් පොලීසිය විසින්  හඳුනාගනු ලැබ ඇතැයි , බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පැවසීය .

අළුතින් හඳුන්වා දුන් ජංගම යෙදවුම මගින් මේ පිරිස තහවුරු කරගත්  බවද ඔහු සඳහන් කළේය .