තෙල් මිල විෂමතා ඉවත් කරන්න අගමැතිගෙන් උපදෙස්


(ශාන්ත රත්නායක)

තෙල් මිල විෂමතා ඉවත් කර සමාන මිලක් ඇති කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති තෙල් සමාගමට අයත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී පැවැසීය.

ඛනිජ තෙල් අලෙවි කිරීමේදි පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාල අංශ සමඟ සාකච්ඡා කර පියවර ගන්නැයි මහින්ද රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

මේ අවස්ථාවට ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ යන මහත්හරු සහභාගි වූහ.

අදාල සාකච්ඡාවේදී බෙදුම් කරුවන්ගේ සංගමයේ ඉල්ලීම වූයේ තෙල් සංස්ථා පිරවුම්හල් වල විකුණුම් මිල සහ ඉන්දීය තෙල් සමාගම් පිරවුම් හල්වල මිල සමාන මට්ටමකට ගෙන එන බවය.

තෙල් සංස්ථා පිරවුම් හල් වල තෙල් මිලට වඩා ඉන්දියන් තෙල් සමාගමේ පිරිවුම්හල්වල ඇති තෙල්වල මිල ගණන් ඉහළ මට්ටමක පවතින බවද මෙම තත්ත්වය තුළ තමන්ට විශාල වශයෙන් පාඩුවක් සිදුවන බවද බෙදුම්කරුවන්ගේ සංගමය පැවැසීය.

මෙම විෂමතාවය මගහරවාලීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් ලබා දී තිබේ.