(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉන්ධන ප්‍රවාහන බවුසරයක සඟවාගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
ඉන්ධන ප්‍රවාහන බවුසරයක සගවාගෙන ගංජා ප්‍රවාහනය කරන බවට මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩී. එස්. ප්‍රියන්ත මහතාට ලත් කෙතාරතුරක් අනුව කොළඹ මහනුවර මහා මාර්ගයේ වේවැල්නිදෙනියදී අදාල බවුසරය පරීක්ෂාවට ලක් කිරීමේධී මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිවී ඇත.
රියදුරු අසුන යට සූක්ෂම සගවා තිබූ පාර්සලයක කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2 ග්‍රෑම් 45 ක්ද එහි සිටි සෙසු පුද්ගලයින් දෙදෙනා ලග කුඩා පාර්සල් වශයෙන් සකස කර තිබූ ග්‍රෑම් 25 හා 85 ක ප්‍රමාණයක්ද සොයා ගැනීමට හැකිවී ඇත
ඉන්ධන බවුසරය වරකාපොල සිට මුතුරාජවෙල බලා යමින් තිබූ බව හෙලිවී ඇත.