තිරිඟු පිටිවලට නවා තැනක් ලැබෙයි


(යොහාන් භාසුර)

තිරිඟු පිටි ‘නිශ්චිත භාණ්ඩ‘ කාණ්ඩයට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඕනෑම භාණ්ඩයක් නිෂ්චිත භාණ්ඩයක් ලෙස ගැසට් නිවේදනයක් ඔස්සේ නම් කිරීමෙන් පසුව එහි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසර ගැනීම අනිවාර්ය වේ.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 18 වැනි වගන්තියට ප්‍රකාරව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව මේ මස 16 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි ‘නිශ්චිත භාණ්ඩ‘ කාණ්ඩයට ගෙන තිබේ.