ත්‍රීවිල්වලින් මගියාට සහනයක් නෑ


(යොහාන් භාසුර)

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව ත්‍රීරෝද රථ වෘත්තිය සමිති පවසයි.

ත්‍රීරෝද රථ වැඩි සංඛ්‍යාවක් පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 80 ක් ලෙස අයකරන බවත් කිව්.ආර්. කේතයට අනුව ත්‍රීරෝද රථවලට සතියකට පෙට්‍රල් ලීටර 8 ක් පමණක් ලැබීම නිසා වැඩි මිලට ඉන්ධන ලබාගෙන ධාවනය කිරීමට සිදුවී ඇති බව ද වෘත්තිය සමිති සඳහන් කළේය.

කෙසේ වෙතත් ත්‍රිරෝද රථ වැඩි සංඛ්‍යාවක් පළමු කිලෝමීටරයට රුපියල් 120 ක් සහ දෙවැනි කිලෝමීටර රුපියල් 100 ක් ලෙස ගාස්තු අය කරයි.