(රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු කීටයන් බෝ වන ආකාරයට සිය නිවාස සහ වැඩබිම් පවත්වාගෙන ගිය 37 දෙනෙකුට රතු නිවේදන නිකුත් කර 9 දෙනෙකුට නඩු පවරා 28 දෙනෙකුට දඩ ගැසීම් සිදුකල බව කෝට්ටේ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොදිගු මහතා අද (12) පැවසීය.
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ඇති වී ඇති අයහපත් වැසිබර කාලගුණික තත්ත්වයත් හමුවේ ඩෙංගු රෝගය හිස එසවීමට ඉඩ ඇති බව වෛද්‍යවරයා පැවසීය.
කොරෝනා වසංගතය නිසා ඩෙංගු අමතක වූ තත්ත්වයක් ප්‍රදේශ රැසක දක්නට ලැබුණු බව සඳහන් කරන ඒ මහතා අලුතෙන් නිවාස ඉදි කරන වැඩබිම් වල මඳුරැ කීටයන් ඇති වන ආකාරයට ජල තටාක පවත්වාගෙන ගොස් තිබූ බව පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අයි.ඒ. වී ප්‍රේමලාල් මහතාගේ උපදෙස් වලට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බව සඳහන් කරන ඒ මහතා මේ සඳහා එකකට සාමාජිකයන් විස්ස බැගින් වු ඩෙංගු වැටලීමේ කණ්ඩායම් 12ක් යොදා ගත් බව පැවසීය.
කන්දවත්ත,පිටකෝට්ටේ,නාවල යන ග්‍රාමසේවා වසම් තුනක නිවාස පන්සියයක් පමණ මෙසේ පරීක්ෂාවට ලක් කළ බව ඒ මහතා පැවසීය.