ඩයනා නටන්නේ හැලියේ වතුර නටනතුරු පමණයි


(අංජුල මහික වීරරත්න)

ඩයනා ගමගේ නටන්නේ හැලියේ වතුර රත්වන තුරු පමණක් යැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක කොළඹ නගරාධිපති අපේක්ෂක මුජුබුර් රහුමාන් මහතා පැවසීය.

රටේ ස්වාධීන අධිකරණය ගැන සියයට සියයක් විශ්වාස කරන බවද ලංකාවේ පුරවැසිභාවය නැති ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව කුමන ගේම් ගැහුවත් අවසානයේ යුක්තිය ජය ගන්නා බව ද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.

මැතිවරණ කල් දමමින් ආණ්ඩුව නටන නැටුම ඉතා තාවකාලික බව කී රහුමාන් මහතා ඩයනාගේ නැටුම මෙන්ම ආණ්ඩුවේ නැටුමත් තව නොබෝ කලකින් අවසන් වීමට නියමිත බව ද සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මුජිබුර් රහුමාන් මහතා මේ බව කීය.