ඩබ්ලිව්.ජයසිරි කලාභූෂණ සම්මානය එපා කියයි


බිඟුන් මේනක ගමගේ 
 
 
2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියකු හැටියට ආරාධනා ලැබී ඇතත් තමා සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා ‘ලංකාදීපයට’ පැවසීය.
 
ප්‍රජාතන්ත්‍රවාදය හා රටේ අනාගතය සමඟ ජනාධිපතිවරයා ක්‍රීඩා කරමින් සිටින්නේ යැයි ද ඒ නිසා එවැන්නකුගෙන් සම්මාන ලැබීම මෙන්ම එවැනි සම්මාන උළෙලකට සහභාගී වීම ද පිළිකුල් කටයුතු යැයි ද ජයසිරි මහතා කීය.
 
ඒ අනුව සම්මාන උළෙල වර්ජනය කිරීමට තමා තීරණය කළේ යැයි ද ජයසිරි මහතා කීය.
 
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 34 වැනි වරටත් සංවිධානය කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, නෙළුම් පොකුණ රඟහලේ දී අනිද්දා (15) පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතය.