ඩඩ්ලිට පුෂ්පෝපහාර


නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මහතාගේ 112 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ගුණසමරු උත්සවයක් බොරැල්ල ඩඩ්ලි සේනානායක පිළිරුව අභියස පැවැත්විණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හිටපු අමාත්‍යවරුන් වන රුක්මන් සේනානායක, වසන්ත සේනානායක, පී.දයාරත්න සහ කරුණාසේන කොඩිතුවක්කු  යන මහත්වරු උපහාර දැක් වූහ.

(ළහිරු හර්ෂණ)