ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරට මුහුදු සීමාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත‍්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් හා සැටලයිට් දුරකතන දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම භාණ්ඩ සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් කීය.
මෙම මුදල් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැකකරන බවත් අත්අඩංගුවට ගත් සැටලයිට් දුරකතන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා යොදා ගත් බවට සැකකරන බව එම උසස් නිලධාරියා සඳහන් කළේය.
මෙම සැකකරුට මත්ද්‍රව්‍ය සැකකරු විශාල ධනයක් උපයාගෙන ඇති බවත් ඒ අතර ස්විසල් නිවාස, ටෝලර් යාත‍්‍රා තුනක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ අංරංචි මාර්ග පවසයි.
මෙම සැකකරුගේ ආදායම් සහ දේපළ සම්බන්ධයෙන් මුදල් විශූද්ධිකරණය පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ ඔහුගේ ගෝලයන් 5 දෙනෙකු දැනට ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම සැකකරුද සිද්ධියෙන් පසු පලා ගොස් යටියන්තොට ප‍්‍රදේශයේ සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුගේ සොහොයුරා ඇතුළු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත.