
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා ඉන්දියාවේ ඓතිහාසික ටජ්මහල් ප්‍රාසාදය වසාදමා ඇතැයි බලධාරීහු පවසති.
සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, දිනකට 10,000කට ආසන්න සංඛ්‍යාවක් ටජ්මහල නැරඹීට පැමිණෙන බැවින් එය වසාදැමීම අත්‍යවශ්‍ය බවය.
ටජ් මහලට අමතරව, ඉන්දියාවේ තවත් වැදගත් කෞතුකාගාර, ස්මාරක සහ ඓතිහාසික ගොඩනැගිලි ආදියද වසාදමා ඇතැයි වාර්තා වේ.
ඓතිහාසික ස්මාරක නැරඹීම මාර්තු 31 වැනිදා දක්වා නවතා දමා ඇති බවද සංස්කෘතික කටයුතු අමාත්‍ය ප්‍රේහ්ලඩ් පටේල් මහතා පැවසුවේය.
මේ වනවිට ඉන්දියාවේ පුද්ගලයන් 6,000ක පමණ වයිරසය සම්බන්ධයෙන් පරීක්ෂාවට ලක් කර ඇති අතර, 125දෙනෙක් ආසාදිත තත්වයේ පසුවෙති. පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොසිනි.

