(රෝෂන් තුෂාර)
ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (23) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කර තිබිණි .
ඥානසාර හිමියෝ අධිකරණයේ ඊයේ දින පෙනී සිටියහ .
සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි බැවින් නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.
ස්වාමීන් වහන්සේ හෙට දිනයේ ද යළි රෝහල් ගතවන බව වැඩි දුරටත් සඳහන් කළේය.
2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය පෙනී සිටින්නේ ලෙසට සැකකරුට නියෝග කළේය.