(ලක්මි කුඩලිගම)
බේරුවල අබේපිටිය ජාමියා නලීමා විද්‍යාපීඨයෙහි ඇඳන් 300ක් වෛද්‍යවරුන් 25 දෙනකු හා හෙදියන් 11 දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත කොවිඩ් රෝගී අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කෙරුණු අතර අද (12) දා දින සිට එය ආරම්භ කෙරිණි.
වෛද්‍ය අවන්ති රූපසිංහ මහත්මිය හා මේජර් කරුණාරත්න මහතා මෙම රෝහල පූර්ණ අධික්ෂණ කට යතු සිදු කරනු ලබන අතර බේරුවල ප්‍රාදේශීය රෝහලට අනුබද්ධිතව මෙහි සියලු කටයුතු සිදුකෙරේ.
එහි අඩු පාඩු සොයා බැලීමට ආ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තද සිල්වා මහතා එම ආයතනයට අවශ්‍යව තිබූ ශීතකරණ, විදුලි පංකා, ජංගම දුරකථන, සනීපාරක්‍ෂක උපකරණ, සහ වුණුසුම් බෝතල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් සිය පුද්ගලික දන පරිත්‍යාගයෙන් ලබා දීමට කට යුතු කළේය.