ජාතික වෙසක් සතිය ඇරඹෙයි


(යොහාන් භාසුර)

ජාතික වෙසක් සතිය අද (2) සිට මේ මස 8 වැනිදා දක්වා පැවැත්වෙන බවත් වෙසක් සතියට සමගාමීව රට පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙන බවත් බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත, මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරණ වෙසක් පුන් පෝය මේ මස 5 වැනිදාට යෙදී තිබේ.