(අංජුල මහික වීරරත්න)
රටේ ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේදී ඵලදායිතා සංකල්පය නිසි පරිදි ක්‍රියාවට නැංවීම අවශ්‍ය බැවින් ඒ සඳහා ඉක්මනින්ම ජාතික ඵලදායිතා ප්‍රතිපත්තියක් සකස්කර එළිදැක්වීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුරුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවති NPS day, ඵලදායිතා සංවර්ධන නිලධාරීන් සවිබල බලගැන්වීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.
2026 වසරේ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති 4I ව්‍යාපෘතිය, ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන, රාජ්‍ය අංශයේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම හා 2026 ඉදිරි සැලසුම් පිළිබඳව දිවයින පුරා සිටින ජාතික ඵලදායිතා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර මේ සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයට අනුයුක්තව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ඵලදායිතා සංවර්ධන නිලධාරීහු 591 දෙනෙක් සහභාගී වී සිටියහ.
මෙහිදී 2026 වර්ෂයේදී ඔවුන් විසින් ළඟා කර ගත යුතු ඉලක්කයන් පිළිබඳවද දැනුවත් කරන ලදී.

