(යොහාන් භාසුර)
ජල විදුලි නිෂ්පාදනය සියයට 20 ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (10) පැවසීය.
විදුලිබලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සුළු වශයෙන් වර්ෂාව ලැබීමත් සමඟ මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමූ බවත් ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය දිනෙන් දින වර්ෂාව ලැබෙන ආකාරය අනුව වෙනස් වන බවත් සෙනෙවිරත්න මහතා කීය.
ජලාශවලට සැළකිය යුතු වර්ෂාවක් මෙතෙක් ලැබී නොමැති බව කී රොහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය ඉහළ දැමීම ඉතාමත් පරිස්සමට කළ යුතු කාර්යක් බවත්ය.
ඉදිරි දිනවලදී වර්ෂාව නොලැබුණ හොත් නැවතත් නිෂ්පාදනය පහත දැමීමට සිදුවන බව සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් කීය.

