ජනාධිපති ලේකම් පී බී අනිද්දා ගෙදර යයි


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා එම ධූරයෙන්  අනිද්දා(13) ඉවත් වන බව වාර්තා වේ.

ජයසුන්දර මහතා ජනාධිපතිවරයාට මීට පෙර ලිඛිතව දැනුම්දී තිබුණේ ජනාධිපති ලේකම් ධූරයෙන් ලබන 31 වැනිදා ඉවත්වන බවයි.

පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ලෙස පත්වීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.