ජනපති පොදුරද මඩුළු මහලේකම් හමුවෙයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් එච්.පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි වන විට එක්සත් රාජධානියේ සංචාරය නිරතව සිටින අතර පොදුරාජ්‍ය මණ්ඩල රටවල ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළේය. 

එක්සත් රාජධානියේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රංශය බලා පිටත්ව යාමට නියමිතය.