
(අංජුල මහික වීරරත්න)
මැද කොළඹ, සුදුවැල්ල බක්මහ උළෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා වාර්ෂිකව මෙම බක් මහ උළෙල සංවිධාන කරයි.
එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ හෂිනි චමුදිකා සහ දෙවන ස්ථානය දිනාගත් සෙනුගි රදීෂා, තෙවන ස්ථානය දිනාගත් ලක්ෂිකා ඉෂාරා ජනාධිපතිවරයා අතින් තිළිණ ලබා ගත්හ.
පාපැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.



