(සමන්ත යහම්පත්)
මෙරට විශිෂ්ටතම චිත්රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්රපට නිෂ්පාදනය කළ චිත්රා බාලසූරිය මහතා අභාවප්රාප්ත විය.
මිය යන විට 94 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් ගම්පහ චිත්රා ෆොටෝ ස්ටුඩියෝ අධිපති ලෙස කටයුතු කළේය. මහගමසේකර අධ්යක්ෂණය කළ එකම චිත්රපටයක්, ගාමිණි ෆොන්සේකා අධ්යක්ෂණය කළ පළමු චිත්රපටයත් නිෂ්පාදනය කළේ චිත්රාය. ඔහු බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ ක්රියාකාරි සාමාජිකවරයකු ද විය.
ඔහුගේ දේහය බෙල්ලන්විල කර්නල් මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (1) පස්වරු 3.00 ට නැදිමාල සුසාන භූමියේ දී සිදුකෙරේ.

