ගොවි බිමට ‌යෝධයෙක් නිර්මාණය කරයි


(නිමල් ජයරත්න)

වී වගාව සඳහා යොදන සියලුම කෘමි හා වල් නාශක 60% ක් ඉතිරි කරගනිමින්, කාලය, ධනය, ශ්‍රමය, ආරක්ෂා කරගෙන අක්කර දෙකහමාරකට විනාඩි 4 ක කාලයකින් දියර ඉසීමට හැකි ඩ්‍රෝන යානාවක් නිර්මාණය කර ශ්‍රී ලාංකිකයකු පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගලින් අපට හමු විය.

ඔහු නමින් සංකල්ප ද සිල්වාය. 

බඩ ඉරිඟු, පොල්, කජු, උක්, ඇතුළු අනෙකුත් බෝග වගාවන්ට වැළඳෙන සියලුම රෝග සඳහාද මෙම ඩ්‍රෝන යානාව උපයෝගී කරගනිමින් දිය‍ර ඉසීමට හැකිවන පරිදි ඔහු මෙම නිර්මාණය කර තිබීම විශේෂත්වයකි,

2015 වර්ෂයේ සිට විවිධ පර්යේෂණ මගින් නිර්මාණය කර ඇති මෙම කෘෂිකාර්මික ඩ්‍රෝන යානාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පුරා අක්කර නවසීයකට ආසන්න සංඛ්‍යාවකට අදාල කෘමිනාශක හා වල්නාශක ඉසිමින් ගොවියන්ට සේවාව ලබා දී ඇත.

වී වගාව සඳහා දියර ඉසින ගොවීන් සම්පූර්ණයෙන්ම මෙම කෘමිනාශක දියරවලින් ආරක්ෂා වන අතර ලංකාවේ විශාලතම ඩ්‍රෝන යානාව මේ වන බවද සංකල්ප ද සිල්වා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය, මෙම ඩ්‍රෝන යානාව හරහා කෘමිනාශක හා වල් නාශක ඉසීමේදී ගොවි මහතුන්ට කාලය, ධනය, ශ්‍රමය, ඉතිරි වෙනවා සේම යොදන වල්නාශක හා කෘමිනාශක ද්‍රව්‍ය වලින් 60% ක ඉතිරි කරගැනීමේ හැකියාවද පවතින බව සංකල්ප ද සිල්වා මහතා වැඩිදුරටත් කීවේය,

මේ වෙනවිට පොලොන්නරුව මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ටාශයේ මෙම ඩ්‍රෝන යානාව හරහා ගොවීන් කිහිපදෙනකු කෘමිනාශක සහ වල්නාශක දියර ඉසීම ආරම්භ කර තිබීමද තවත් විශේෂත්වයකි.