ගුවන්තොටේ සිර වු සංක්‍රමණිකයෝ යළි ඉන්දියාවට


(ටී.කේ.ජී.කපිල )

දින කීපයක් තිස්සේ ඉන්දියාවට යාමට නොහැකිව  කටුනායක ගුවන් තොටුපොළ තුළ රැදී සිටි ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 400 ක පමණ පිරිසක් , ගංවතුර ආපදා ආධාර රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා දෙකකින්  අද (30 ) පස්වරුවේ  ඉන්දියාව බලා පිටත් කර හැරිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

 ඒ අනුව සී.- 130 දරණ ගුවන් යානයෙන් ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 150 ක් පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවරට අද  පස්වරු 02.30 ට පිටත් කර තිබේ .

 ඊට අමතරව අයි.එල්.- 76 දරන ගුවන් යානයෙන් තවත් ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් 250 ක් පමණ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් නුවර වෙත අද 30 දින පස්වරු 04.00 ට පිටත් කර තිබේ .

ශ්‍රී ලංකාවට හදිසියේ ඇතිවූ සුළි කුණාටු තත්වය සමග ගුවන් ගමන් වලට ඇති වූ බාධා නිසා මෙම ඉන්දීය සංක්‍රමණික ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ තුළ කොටු වී සිටියහ .