
(යොහාන් භාසුර)
කටුනායක ගුවන් තොටුපළ තුළ සෞඛ්‍ය සහ ගුවන්සේවා යන අමාත්‍යාංශවලට අයිති රසායණාගාර දෙකක් තිබියදී ගුවන්තොටුපල රථ ගාලේ තාවකාලික රසායනාගාර ඉදිකිරීමට පෞද්ගලික රෝහලකට අවස්ථාව දී ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.
කටුනායක ගුවන්තොටුපොළ රසායනාගාර දෙකෙන් පැය තුනකට අඩු කාලයකින් පී.සී.ආර්. වාර්තාවක් නිකුත් කර හැකිව තිබියදී සාමාන්‍ය සහ රැපිඩ් ලෙස පී.සී.ආර්. දෙකක් සඳහා බලකර ජනතාව සූරාකන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති වරයා කියයි.
එම පෞද්ගලික රෝහලට තාවකාලික රසායනාගාර අනුමැතිය ලබාදුන්නේ කුමන පදනමක් යටතේ යැයි ප්‍රශ්න කරන රවී කුමුදේශ් මහතා පවසන්නේ මෙම රසායනාගාරයේ භාවිතා කරන පරීක්‍ෂණ යන්ත්‍රවලට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී නොමැති බවත්ය.

