
(ලක්මි කුඩලිගම)
විදේශීය රටක නිෂ්පාදිත අනවසර ගිණි අවියක් සහ ගිනි අවියකට යොදන විදෙස් රටකම නිෂ්පාදනය කළ ගිනි අවි බටයක් රහසිගතව තම සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
සැකකරු වයස අවුරුදු හැටක් පමණ වන පුද්ගලයකු බවද පොලිසිය පවසයි .
බුලත්සිංහල පොලිසියට ලද තොරතුරක් මත ඈගල්ඔය දිවලකඩ ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා සහ ඔහු සන්තකයේ තිබූ බෝර දොළහේ ගිණි අවියක් සහ ගිනි අවියටකට යොදන බෝර දාසයේ බටයක් අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු මෙම ගිනි අවිය කුමක් සඳහා භාවිත කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි අවි කොටස් වල අංක මකා දමා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක රණවක, පොලිස් සැරයන්2 (9643) අශෝක, (60040) අනුරුද්ධික, පො.කො.(86849) ප්‍රදීප් (95182) චමින්ද සහ (102356) ලක්ෂාන් යන නිලධාරින් මෙම පිළිබඳව පරික්ෂණ පවත්වති.

