(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
ලැබී ඇති තොරතුරුවලට අනුව එම පිපිරීම් සිදුවී ඇත්තේ දැනට වාර්තා වී ඇති හේතු නිසා නොවේ යැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කළ අවස්ථාවේදීය.

