ගෑස් පිපිරීම් ගැන විශේෂ සාකච්ඡාවක්


 

(යොහාන් භාසුර)

ගෑස් පිපිරීම් සහ ගෑස් කාන්දුවීම් හේතුවෙන් ජනතාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ගෙවීම සහ සංයුතිය වෙනස් කළ ගෑස් සිලින්ඩර තව දුරටත් වෙළෙඳපොළ තුළ තිබීම පිළිබඳව ගෑස් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ගෘහස්ථ ගෑස්වල සංයුතිය වෙනස් කර ඇති බව පරීක්‍ෂණ වාර්තා හෙළිකර ඇතැයි පාර්ලිමේන්තු කාරක සභාවේදී හෙළිකළ බව කී මෙම ගැටලුව සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ සකච්ඡාවේදී තීරණයකට එළඹීමට නියමිත බව ද සඳහන් කළේය.