(ඩයනා උදයංගනී)
ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ.
ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ.
තවත් විවිධ අංග රාශියක් එහිදී පැවැත්වෙන බව අරගලකරුවෝ පවසති.
ඒ වෙනුවෙන් අද අලුයම සිටම අරගල භූමිය සූදානම් වන බව ද දක්නට ලැබිණි.