ගාල්ලේ බස් සේවකයෝ පාරට බසිති


 ( එම් .සුසිල් ප්‍රියන්ත)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු දිසාවේ මගී ප්‍රවාහන බස් රථවල හිමිකරුවන් සහ ඒවායේ සේවකයෝ අද (6) උද්ඝෝෂණයක් අම්බලන්ගොඩ බස් නැවතුම් පොළඉදිරි පිටදී පවැත්වූහ.

ලීසිං සහන හා කොරෝනාවෙන් අවතැන්ව සිටි තමන්ටද සහන ලබාදෙන ලෙසත් සිය කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මේ උද්ඝෝෂණයට පැවැත්වීමට හේතුව බව උද්ඝෝෂකයෝ කීහ.

බස්නාහිර පළාතේ රැකියා සදහා යන අය බෙන්තොට පාලම ලගින් බස්සවා අලුත්ගම දක්වා පාගමනින් යාමට සැලැස්වීමද දැඩි අසාධාරණයක් බවද ඔවුහු මෙහිදී පෙන්වාදුන්හ.

 අම්බලන්ගොඩ බස් රථ සංගමය හා ගාල්ල බස් රථ සංගමය ඒකාබද්ධව මේ උද්ඝෝෂණය සංවිධානය කොට තිබිණ.