(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ග්‍රාම නිළධාරීවරියක තනිව සිටි නිවසට ඇතුල් වී ලිංගික අතවර කිරීමේ චෝදනාවට කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ පරිපාලන ග්‍රාම නිළධාරිවරයාව කල්පිටිය පොලිසියෙන් සැකපිට අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ පරිපාලන ග්‍රාම නිළධාරි ලෙස සේවය කරනු ලබන 56 හැවිරිදි තැනැත්තෙකී.
මෙම සිද්දියට මුහුණ පා ඇත්තේ නාරක්කල්ලිය ග්‍රාම නිළධාරි වසම නියෝජනය කරනු ලබන ග්‍රාම නිළධාරී වරිය බව කියයි.
අදාල ග්‍රාම නිළධාරි වරිය මුහුණ පෑ සිදුවිමේන් පසු දැඩි සිත් තැවුලට පත්ව සේවයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වරයාට ලබා දීමේන් පසු කල්පිටිය ප්‍රාදේශීය ලේකම් වරයා විසින් මේ පිළිබදව පරික්ෂණයක් ඉල්ලා කල්පිටිය පොලිසිය පැමිනිලි කර තිබු බව කියයි.

