ග්ලාසෝ ප්‍රාථමිකයේ ළමුන් 29කට ආහාර විස වෙයි


(ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 05 ශ්‍රේණියෙන්  පහළ පාසල් ළමුන් 29 දෙනෙකු  ආහාර විස වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට අද (28) මධ්‍යහන 12 ට පමණ ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල්  අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පවසයි.

රෝහල් අධ්‍යක්ෂක වරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර ආහාර විෂවීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇතිවීමමෙන් ළමුන් රෝහල් ගත කර ඇති අතර නමුත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කරන බවයි.

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන්ට සෑම දිනකම දිවා ආහාරය පාසලෙන් සැපයීමට කටයුතු කරන අතර අද දින දිවා ආහාර ලබා දීමෙන් අනතුරුව සිහිසුන්ව ඇද වැටීමෙන් හා වමනය යෑම හේතුවෙන් මෙලෙස පාසල් ළමුන් 29 දෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කළ බව පාසලේ විදුහල්ති එස්.සීතා මහත්මිය සඳහන් කරයි.

මේ පිළිබඳ නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අඹේරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා ප්‍රමිතියකින් තොර ආහාර ලබා දීම හේතුවෙන් මෙවැන්නක් සිදුවී ඇති බවට අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් විශේෂ කණ්ඩායමක් ස්ථාපනය කර අවශ්‍ය  වැඩ කටයුතු ආරම්භ කර ඇති බවයි .