ගල්ගමුව තැපැල් කාර්යාලය කඩලා


(ඇන් ජේ පතිරාජ)

ගල්ගමුව ප්‍රධාන තැපැල් කාර්යාලයට ඊයේ රාත්‍රී ඇතුළු වු පුද්ගලයකු හෝ පිරිසක් එහි සේප්පුව කඩා  රුපියල් ලක්ෂ දාසයක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

කොල්ලය සිදු කළ පුද්ගලයා හෝ පිරිස තැපැල් කාර්යාලයේ උඩු මහලින් ඇතුළු වි ,බිම් මහලට පැමිණ ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .මුදල් තැන්පත් කළ සේප්පුව බිම් මහලේ තබා තිබි ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

සේප්පුවේ දොර කඩා ඇති බවක් පෙනෙන්නට නැති බවත් , දොර විවෘත කොට මුදල් රැගෙන ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරිියෙක් කීය.

තැපැල් කාර්යාලයේ උඩු මහලේ දොරක් හා ඉන් බිම් මහලට ඇතුළු වන දොර ද කඩා දමා ඇතැයි පොලිසිය කියයි.

මේ සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන හෝ අත් අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.