මුදිතා දයානන්ද
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (31) රාත්‍රී දහයේ සිට අප්‍රේලි 01 වැනිදා පස්වරු 4 දක්වා ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් වනවාසල, ඔලියමුල්ල, වත්තල-මීගමුපාර, ඇවරියවත්තපාර, තෙලඟපාන, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලහදූව, මරදානපාර, ඇලකන්ද, හැඳල පාරේ කොටසකට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබන්න බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියයි.