(යොහාන් භාසුර)
ගුවන් සංතරණ අංශයේ අනු අංශයක් ලෙස ක්‍රියාත්මක වන ගගන නාවික තොරතුරු සේවය වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කරන්නේ නම් ගුවන් ගමන් පාලකවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය ද වෙනස් කරන ලෙස ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ඉල්ලා සිටීමෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන්ට මෙන් වැටුප් ගෙවීමට හැකිවන ලෙස ගුවන් ගමන් පාලකවරුන්ගේ බඳවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන ලෙසත් ඒ අනුව ඔවුන්ගේ වැටුප් ගුවන් නියමුවන්ට මෙන් අන්තර්ජාතික වැටුප් තලයක පිහිටුවා ගෙවීම් කරන ලෙසත් ඉල්ලමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ ලේකම් තිසර අමරානන්ද මහතා ගුවන් සේවා සමාගමට ලිපියක් යොමුකර තිබේ.
ශ්‍රී ලංකාවේ ගගන නාවික තොරතුරු සේවය ස්ථානගත වී තිබෙන ආකාරය අනුව නුදුරු අනාගතයේදීම බරපතල අනතුරක් සිදුවීමේ ඉඩකඩ තිබේ යන්න විද්වත් මතය බවත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවක පිරිස ගුවන් ගමන් පාලකවරුන්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මවිතය පළකරන බවත් ගගන නාවික තොරතුරු සේවයේ නිලධාරීයෙක් පැවසීය.

