(මුදිතා දයානන්ද)
හුණුපිටිය ගංගාරාම විහාරාස්ථානය පූජා භූමියක් බවට පත් කිරිමේ සන්නස් පත‍්‍රය ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එම විහාරාධිපති ගලබොඩ ඤාණීස්සර හිමි වෙත පිරිනමනු ලැබීය.
ගලබොඩ ඤාණීස්සර හිමි අසූවෙනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු පුණ්‍යෝත්සවයේදි මෙම සන්නස් පත‍්‍ර ප‍්‍රදානය සිදු කළේය.
මහාසංඝරත්නය විෂයෙහි පැවැත් වූ සංඝගත දක්ෂිණාවක් ඇතුලූ පිංකම් රැසක් ඤාණීස්සර හිමි අසූවෙනි ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කර තිබිණ.
රුහුණු විශ්ව විද්‍යාලයේ තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට ශිෂ්‍යත්ව පිරිනැමීම, තෝරාගත් භික්ෂූන් වහන්සේලා පිරිසකට අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව පිරිනැමීම, දහම් පාසල් සිසුන් සඳහා සුදු රෙදි ලබාදීම හා දිළිඳු පවුල් දහසකට වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම මෙම පිංකම් අතර ප‍්‍රධාන විය.
මෙම අවස්ථාවට මහානායක හිමිවරුන් ඇතුලූ මහාසංඝරත්නයත්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුලූ විශාල ආරාධිතයන් පිරිසක්ද එක්ව සිටියහ.

