ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෝටර්රථ කාර්මිකයකු පිරමිඩ ජාවාරමකට හවුල් වෙලා


(ගයාන් සූරියආරච්චි)

පෞද්ගලික සමාගමක් යටතේ පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගොස් මුදල් ඉපැයූ බව කියන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මෝටර්රථ කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේරාදෙණිය, හදගල ප්‍ර දේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු එම පිරමීඩාකාර යෝජනා ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, මුදල් ඉපැයීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පනතේ වගන්ති 3 ක වැරැදි සිදුකිරීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත.