කොළඹ මහ නගර සභාවෙත් බලය විපක්ෂ කණ්ඩායම්වලට


කොළඹ මහ නගර සභාවේ සභික ධූර 117කින් සභික ධූර 48ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සභික ආසන 69 දිනා ගත්හ. 

ඒ අනුව සමගි ජනබලවේගය ආසන 29ක්ද, එක්සත් ජාතික පක්ෂය 13ක්ද, ශ්‍රී ලංකා පොදු ජන එපෙරමුණ ආසන පහක්ද,  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන හතරක්ද, ස්වධීන කණ්ඩායම ආසන තුනක් ද, එක්සත් සාම සන්ධානය ආසන දෙකක්ද, සර්වජන බලය ආසන දෙකක්ද, ස්වාධීන කණ්ඩායම හතර  සහ පහ සභික ධූර දෙක බැගින් ද ස්වාධීන එක සහ දෙක ආසනය බැගින් ද, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ජාතික මහජන පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, මහජන සන්ධානය එක් ආසනය බැගින් දිනා ගෙන ඇත.