කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 20 ක ජල කප්පාදුවක්


(නිමල කොඩිතුවක්කු)

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය 20 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙනිය, මහරගම - පිලියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට හෙට  10 සිට පැය 20 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.

පැලැන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.