(නිමන්ති රණසිංහ)
දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (7) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරු සමඟ එම පරිශ්‍රයට ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණු අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කෙරිණි.