කොළඹ ගංවතුර කැබිනට්ටුවටත් යයි


(අංජුල මහික වීරරත්න)

මෙම වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ නාගරික කලාපයේ මෙන්ම කොළඹින් පිටත ප්‍රදේශවල ගංවතුර ගැලීම අවම කිරීමේ ව්‍යාපෘතිද ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් හඳුනාගෙන ඇති බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වේ.

ඒ අනුව මෙම වසරේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2,100 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. මෙම ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.