කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ ටී56 ගිනි අවියකින්


(ඉන්දිකා රාමනායක) 
 
මඩකලපුව වව්නතීව්  මාර්ග බාධකයේ  රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා ඝතනය කර ඇත්තේ  ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා බව පොලිසිය කියයි.
 
ඝාතකයන් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කර ඔවුන් සතුව තිබු රාජකාරි පිස්තෝල දෙක ද පැහැර ගෙන ගොස් තිබුණ්.
 
සාතනයට ලක්ව ඇත්තේ ද්‍රවිඩ කොස්තාපල් වරයකු හා සිංහල කොස්තාපල්වරයෙකි.
 
ද්‍රවිඩ කොස්තාපල්වරයා ගේ දෑත් පිටපුසට බැඳ ඝතනය කර ඇති අතර සිංහල කොස්තාපල්වරයා රාජකාරි විවේකයේ සිටියදි ඝාතනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.