කොරෝනා මරණ 31ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,808 දක්වා ඉහළ ගොස් ඇත. මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 21 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 8 දෙනකු සහ අවුරුදු 30 ට අඩු දෙදෙනකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 20 දෙනකු සහ කාන්තාවන් 11 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.