කොරෝනා පැතිරිමට හේතුව කියයි


(සුජිත් හේවාජුලිගේ)

කොරෝනා   පැතිරීමට  ප්‍රධානතම හේතුව පොදු මගී ප්‍රවාහන සේවය බව සෞඛ්‍ය අංශ මෑතකදී කළ අලුත්ම  අධ්‍යයනයකදී තහවුරුවී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  රාගම වෛද්‍ය පීඨයේ   ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ පවතින කරුණු විශ්ලේෂණයේදී එම  තත්ත්වය  මනාව තහවුරුවන බවයි. හුදෙකලා වශයෙන් ගමන් කෙරෙන  තනි පුද්ගල වාහනවලින්  කොරෝනා සැලකිය යුතු මට්ටමෙන්  පැතිරෙන වගක් නොපෙනෙන බවද  හෙතෙම සඳහන් කළේය.

ඉදිරියේදී රට විවෘත කිරීමේදී  මේ තත්වය සැලකිල්ලට ගෙන පොදු මගී ප්‍රවාහන සේවය සම්බන්ධයෙන්  විධිමත්  විද්‍යාත්මක වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව  පවතින බවත් සෞඛ්‍ය අංශ ඒ සඳහා පෙරමුණ ගත යුතු බවත්
අර්ජුන ද සිල්වා මහතා  පැවසුවේය.

රට ඉදිරියේදී විවෘත කළ යුත්තේ දැඩි කොන්දේසි යටතේ බවද  ඔහු කීවේය.