ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරසයේ අවදානම නොතකා ඔලිම්පික් ගිනි සිළුව නැරඹීම සඳහා දසදහස් ගණන් ජනයා සතිඅන්තයේ ඊසානදිග ජපානයට රැස්වෙමින් සිටිති. 2020 ඔලිම්පික් උලෙළෙහි සමාරම්භක උත්සවය සඳහා පසුගිය සිකුරාදා දිනයේදී ඔලිම්පික් ගිනි සිළුව එහි ගෙන එන ලදී.
වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඔලිම්පික් උලෙළ පැවැත්වේද නැද්ද පිළිබඳව එහි සංවිධායක මණ්ඩලය නිශ්චිත අදහසක් තවමත් පළ කර නොමැත.
කෙසේවෙතත් කොරෝනා වයිරසය ගෝලීය ව්‍යාප්තවීම හේතුවෙන් ලෝක ක්‍රීඩා දින දර්ශනයේ බොහෝ ක්‍රීඩා තරග අත්හිටුවීමට, කල්දැමීමට සිදුව තිබිණි.

ක්‍රීඩාලෝලීන් 50,000කට අධික ප්‍රමාණයක් සෙනසුරාදා දිනයේදී, ගිනි සිළුව නැරඹීමට මියාගිහි පිහිටි සෙන්දයි දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ. ඇතැමුන්ට කිලෝ මීටර භාගයක් පමණ දිග පෝලිම්වල පැය ගණන් බලාසිටීමට සිදුවිය. කෙසේවුවද බොහෝ පිරිසක් මුඛ ආවරණ පැළඳ සිටියහ.
නමුත් ඔලිම්පික් සංවිධායකවරු මේ ගැන අවධානය යොමුකර තිබූ අතර, බලාපොරොත්තු වූවාට වඩා ප්‍රමාණයක් පොදි ගැසීම බරපතල බව ජපානයේ ජාතික මාධ්‍ය පවසා තිබිණි.
16844



