(ටී.කේ.ජී.කපිල)
දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව යන තරුණයන් පිරිසක් ද රැගෙන ඉන්චියොන් බලා අද (20) රාත්‍රියේ පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානය මෙවර ද ප්‍රමාද වීමකට ලක් වී තිබීම නිසා ඔවුන්ගේ රැකියා අහිමි වී යාමේ අවදානමක් මතු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි .
දකුණු කොරියාවේ ඉන්චියොන් බලා අද රාත්‍රී 08.50 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 470 දරන ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා මෙසේ ප්‍රමාද වීමකට ලක් වී තිබේ .
මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 181 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිටි අතර , ඒ අතරින් එරට රැකියා සදහා පිටත්ව යන ශ්‍රී ලාංකික තරුණයන් 60 කට ආසන්න පිරිසක් ද සිට තිබේ .
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිස සියලු නිශ්කාශන කටයුතු ද නිමා කර තිබූ අතර , මේ වනවිට ඔවුන් ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කර ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
පසුගිය මාසයේදීත් මේ ආකාරයට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය ප්‍රමාද වීමකට ලක් වී තිබීම නිසා , එම ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට සිට සිටි තරුණයන්ගේ රැකියා අවදානමකට ලක් වී තිබුණි .

