කොමිස් වැඩි නොකළොත් ‌ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක


(මහින්ද නිස්සංක)

ලොතරැයි පතක මිල රුපියල් 40ක් කිරීමට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිත‍ෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය.

ලොතරැයි පතක මිල රුපියල් 40 කිරීමත් සමගින් අලෙවි නියෝජිතයන්ට දැනට ලබාදෙන කොමිස් මුදල රුපියල් 8 දක්වා ද අලෙවි සහයකයන්ගේ කොමිස් මුදල ඉහළ නැංවීම සහ ලොතරැයි මිලදී ගන්නා ජනතාව සඳහා තෑගි ප්‍රමාණය වැඩි කිරීමත් අනෙකුත් ඉල්ලීම් අතර වේ.

ලොතරැයි අලවියෙන් ඉවත්වීම සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයට සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පාලනාධිකාරියට දැනුම් දී ඇති බවත් ලබන 6 වැනිදාට පෙර තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.