කොත්මලේ ගමක සිරවු 300 ක් බේරගන්න ගුවන් හමුදා සහය


(ගයාන් සූරිය ආරච්චි)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ප්‍රදේශයේ ගම්මානයක සිරවී සිටින පුද්ගලයන් 300 කට ආසන්න සංඛ්‍යාවක්  එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් හමුදා මෙහෙයුම් මේවන විට ක්‍රියාත්මක කර ඇතිි බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.

කොත්මලේ ප්‍රදේශයේ නාය යෑමකට ලක් වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගම්මානයක ජනතාව කිසිදු ස්ථානයකට ගමන් කිරීමට නොහැකිව සිටින බවට ලද තොරතුරක් මත ගුවන් හමුදාව මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇත.