කොටුපවුරෙන් වැටී තරුණයෙක් මරුට


(කේ.එල්. චාමින්ද)

ගාල්ල කොටුපවුර මතින් ඇද වැටිමෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු මියගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ තවලම ගමගේ ජනිත් චන්දුල (21) නැමති කුරුදුවත්ත, හපුගල ,වක්වැල්ල ප්‍ර දේශයේ පදිංචි තරුණයෙකි.

මොහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව නැරඹිට ගොස් ඇත. මොහු ගාලුකොටුවේ පැරණි ප්‍රදිපාගාරය අසලදි  කොටුපවුර මතින් ගමන් කරමින් සිටියදි ඇදවැටි ඇති බව පොලිසිය පවසයි.

මොහු කොටුපවුර මතින් ඇදවැටෙන අයුරු මිතුරන්  දැක නොමැති බවද පොලිසිය පවසයි.

කොටුපවුර මතින් ඇද වැටි බරපතල තුවාල ලබා සිටි තරුණයා පොලිස් නිලධාරින් විසින් ගාල්ල කරාපිටිය ජාතික රෝහල වෙත ඇතුළත්කොට ඇත. ඒවනවිටත් මෙම තරුණයා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.