කොටුගොඩ විදුලි ග්‍රිඩ් උපපොළ වසයි




(සුජිත් හේවාජුලිගේ)

ගංවතුර තත්වය හේතුවෙන්  කොටුගොඩ  විදුලි බල පද්ධතියේ ග්‍රිඩ් උපපොළ (Grid Substation) සම්පූර්ණයෙන් වසා දමා ඇත.

මුළු උපපොළම ජලයෙන් යටවීමෙන් ජලය පාලක පැනල මට්ටම දක්වාම ළඟා වී ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි

ආරක්ෂිත මෙහෙයුම් සීමාවන් ඉක්මවා යන තත්ත්වයන් හමුවේ, කොටුගොඩ ග්‍රිඩ් උපපොළ ආරක්ෂිතව විසන්ධි කර ඇත.

උපපොළ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකි වන්නේ ජල මට්ටම සම්පූර්ණයෙන් පහත බැසීමෙන් පසුව  බව වාර්තාවේ.