කොටින්ට අයත් ගිනි අවි-පතුරොමි මුලතිව් කැලෑවකින් හමුවෙයි


(  සිතුම් චතුරංග)

මුලතිව්, අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කළ ටි 56 ගිනිඅවියක් , පතරොම් 116 ක් හ එම ගිනිඅවියට යොදන මැගසින් 4ක් සොයාගත් බව මුලතිව් පුදුකුඩිරිප්පු පොලිසිය පවසයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අම්බලවන්පොක්කනෙයි ප්‍රදේශයේ ඉඩමක ගසක් පාමුල වළදමා තිබූ මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.

සොයාගත් ටි56 ගිනි අවිය පොලිතීන් බෑගයක අසුරා වළදමා තිබූ බවත් දීර්ඝ කාලයක් පොළව අභ්‍යන්තරයේ පැවතීම හේතුවෙන් දැඩිලෙස දිරාපත්ව තිබූ බවද පොලිසිය පැවසීය.

පසුගිය යුද සමයේ මෙම ගිනි අවිය ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භාවිතා කොට එලෙස සඟවා තබන්නට ඇති බවට පොලිසිය සැකපලකරයි.

සොයාගත් ගිනි අවිය , පතරොම් හා මැගසීන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් විනාශ කිරීමට නියමිතව තිබුණි.

පුදුකුඩිරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.