
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
කෙලවරපිටිය යුගදනවි තාප බලාගාරයේ රජයට අයත් කොටස් ෆොටූස් එනර්ජි නමැති ඇමෙරිකානු සමාගමට ලබා දීම මගින් ශ්‍රී ලංකාවට විදේශීය විනිමය ලැබෙන බවත් එය සියයට සියයක්ම සියයක් ම විදේශ ආයෝජනයක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සාමාන්‍යාධිකාරීවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ මහතා අද (14) ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ප්‍රකාශ කළේය.
කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (14) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

